HomeNewsඕමානයේදී ඇල්ලූ සමිට්පුර චතූ CCDයට ගෙන යයි

ඕමානයේදී ඇල්ලූ සමිට්පුර චතූ CCDයට ගෙන යයි

ඕමානයේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර චතු හෙවත් සමිට්පුර චතු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන කංකානම්ගේ දිමුතු චතුරංග පෙරේරා නමැත්තා අද (18) අලුයම දිවයිනට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

38 වන වියේ පසුවන දිමුතු චතුරංග පෙරේරා නමැත්තා පසුගිය වසරේ මාර්තු මාසයේදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ඕමානය බලා පලා ගොස් තිබෙනවා.

ඔහු කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මෙරට සිදු වූ අපරාධ රැසක විමර්ශන සඳහා අවශ්‍ය සැකකරුවෙක් ද වන සමිට්පුර චතු නමැත්තා ගනේමුල්ලේ සංජීව ඝාතනයේ එක් සැකකරුවෙක්ද වනවා.

ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට රැගෙන එන ලද සැකකරු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01