හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද(11) අධිචෝදනා ගොනු කර තිබෙනවා.
මෙම නඩුව පවරා තියෙන්නේ ඔහු ධීවර අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කාලයේ සිදු වුණා කියන සිදුවීමකට අදාළවයි.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතිය කොරියානු සමාගමකට පැවරීමේදී අක්‍රමිකතාවයක් සිදු කරමින් රජයට විශාල පාඩුවක් සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.
ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.



