කටුවන, කිරම ප්රදේශයේ නිවසක තිබූ පස් ගොඩක් තුළ තිබී T56 වර්ගයේ උණ්ඩයක් සහ එම උණ්ඩ යෙදිය හැකි T කටස් වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව කටුවන පොලිසිය පවසයි.
කටුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද දුරකථන ඇමතුමකට අනුව, කිරම, කරමැටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් ඉඩමක තිබූ පස්ගොඩක තිබී මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩය සොයාගෙන තිබේ. FB
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකල මුලික විමර්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ අදාල නිවෙස් හිමියා රන්මල්ගම වැවේ රොන්මඩ ඉවත් කිරීමෙන් අනතුරුව එම රොන්මඩ අදාළ ඉඩමේ ගොඩගසා තිබී ඇති බවත්,පසුව එම රොන්මඩ සමතලා කරමින් සිටියදී මෙම ගිනි අවිය සහ T56 වර්ගයේ උණ්ඩය හමුවී ඇති බවත්ය. YT
සිද්ධිය සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



