රුපියල් ලක්ෂ තිහක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි චීන ජාතික කාර්මික ශිල්පියෙකි . FB
මොහු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට වෙත පැමිණ එතැන් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් 21 දින රාත්රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් සගවා ගෙන තිබියදී අත්අඩංගුවට ගන්නා ලදී. YT
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම චීන ජාතිකයා සහ නීතිවිරෝධී දුම්වැටි තොගය මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



