HomeNewsවිරෝධයේ නිරත භික්ෂුන්ට එරෙහිව උසාවි නියෝගයක්

විරෝධයේ නිරත භික්ෂුන්ට එරෙහිව උසාවි නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ට සිවුර අන්දවන්නයි ඉල්ලා උද්ඝෝෂණයක නිරතව සිටින භික්ෂුන් වහන්සේලාට ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිටින් ඉවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක වන හෙයින් වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙස උද්ඝෝෂකයින්ට අධිකරණය වැඩිදුරටත් නියම කර ඇත.

කොටුව පොලිසියේ නිලධාරීන් මෙම උද්ඝෝෂකයන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ට ඇතුල්වන දොරටුව අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් පිරිස ක් උද්ඝෝෂණය නිරත වන බව දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති බවත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි තර්ජන සහ බාධා එල්ල වී ඇති බවත් දැනුම් දුන් පොලිසිය උද්ඝෝෂකයින්ට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01