HomeNews77 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් කතරගමදී විශේෂ පිංකම්

77 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් කතරගමදී විශේෂ පිංකම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද ලබාගැනීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සහ කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහනේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය, රෙජිමේන්තු ධජ සහ ඒකක ධජයන්ට ආශිර්වාද ලබාගැනීම සිදු කෙරිණි.

එහිදී ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ යුධ හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙමින් පවතින “ධම්සක් බුදු මැදුර” නිරීක්ෂණ කටයුතුද සිදු කරන ලදි.

සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙන්ම මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු සමස්ථ රණවිරු ප්‍රජාවගේ සුරක්ෂිතවභාවය, යහපැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම ප්‍රධාන අරමුණු කරගනිමින් මෙම ආගමික වැඩසටහන පැවැත්වුණි.

77 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් කතරගමදී විශේෂ පිංකම්

 

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01