HomeNewsවිදෙස් රැකියාවලට යාමේ වර්ධනයක් - කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදෙස් රැකියාවලට යාමේ වර්ධනයක් – කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

2026 වසරේ ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම් 4.84%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව ලාංකිකයන් 25,622ක් පසුගිය ජුලි මාසයේදී රැකියා සඳහා විදෙස් ගතව ඇති බවත් එය මේ වසර තුළදී එක් මාසයකදී වාර්තා වූ ඉහළ ප්‍රමාණය බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අතර විදේස සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ පසුගිය ජුනි මාසයේදී ලාංකිකයන් 24,440 දෙනෙක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා රජය, ඊශ්‍රායලය, දකුණු කොරියාව හා ජපානය යන රටවල් සමග උැති කර ගත් අවබෝධතා ගිවිසුම් අනුව ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමුවීමේ ඉහළ උනන්දුවක් මෙම වසරේදී පෙන්නුම් කරන බවත් ඒ අනුව ඊශ්‍රායල් රැකියා සඳහා 2521 දෙනෙක්ද දකුණු කොරියාවේ රැකියා සඳහා 1618 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා 79 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ජපානයේ රැකියා හිමි වූ තරුණ තරුණියන් 14 දෙනෙකු සඳහා ඊයේ දින(03) කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් පිරිනමා තිබෙනවා.

මෙම පිරිසට ජපානයේ නිෂ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

මෙරට ආර්ථිකයට වැඩිම ආදායමක් හිමිවන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණය කරනු ලබන මුදල්වලින් අතර මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලය තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 4.6ක ම ුදලක් මෙරටට ප්‍රේෂණය කර ඇති බව නිවේදනයේ සඳහන්.

ජුලි මාසය තුළ මෙරටට හිමි වූ ප්‍රේෂණ ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් ගණනය කර නොමැති අතර පසුගිය මාසයන්හි හිමි වූ ප්‍රේෂණ ප්‍රමාණය සැලකීමේදී ජූලි මාසය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 540-570ත් අතර ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන ඇතැයි පුරෝකථනය කළ හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01