හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින්.
එම කොමිසන් සභාව විසින් සිදදුකරනු ලබන විමර්ශනයක් සඳහා කාරියවසම් මහතා අද(05) උදෑසන පැමිණ ඇති අතර ඉන් අනතුරුව හිටපු අමාත්යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික වැඩවලට යොදාගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසයි.



