තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ ගලබඩවත්ත නාගොල්ල වේරපිටිය බුලත්වත්ත හා ගල්කොටුව ඇතුලු ගම්මාන රැසක් යා කිරිම සඳහා වසර ගණනාවකට පෙර ඉදිකල පැරණි ගල්දොරෙව්ව යකඩ පාලම විනාශ වී ඇතැයි එම ගම්මානවල ජනතාව පවසති
මෙම ගල්දොරොව්ව යකඩ පාලම කොටගග හරහා ඉදිකර තිබූ අතර එය වසර හැටකට වඩා පැරණි පාලමක් වන අතර එය අඩි 120 ක් දිග අඩි පහක් පළල වන ලෙස යකඩයෙන් නිමවා තිබුණි.
ගලබඩවත්ත නාගොල්ල වේරපිටිය ගම්මාන යා කිරීම සඳහා මෙම කුඩා යකඩ පාලම ඉදිකර තිබූ අතර මෙම පාලම විනාශ වී යාම නිසා එම ගම්මානවල ජනතාව දැඩි අපහසුවට පත්ව තිබේ.
මෙම යකඩ පාලම කඩා වැටී වසර ගණනාවක් වෙනවා. කොටගග හරහා දමා තිබුණ ගල්දොරොව්ව යකඩ පාලම නැති කමින් ගම්මාන රැසක ජනතාව වසර ගණනාවක සිට දැඩි අසරණ තත්වයකට හා දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.
එහිදී අදහස් දැක්වූ ප්රදේශවාසියෙක් මෙලෙස කියා සිටියා.
එම පාලම කඩිනමින් හදා දෙන්න කියල අපි ඉල්ලිම් කලත් තවම එය ඉටුවුණේ නැහැ.
මේ නාසා ගම්මාන රැසක ජනතාවක් ගගට බැහැලා ගමන් කරන් කරන්නේ.
වර්ෂා දිනවල මේ ගමනත් අවදානම් යැයිද එම වැසියන් පවසනවා.



