HomeNewsකෝටි දහයක ගංජා සමග බතල හීන්මහත්තයා අත්අඩංගුවට

කෝටි දහයක ගංජා සමග බතල හීන්මහත්තයා අත්අඩංගුවට

තණමල්විල අරඹේකෙම ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුත් වියළි ගංජා කිලෝග්‍රෑම් 754ක් සමඟ 57 හැවිරිදි පුද්ගලයෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බෙගමුවේ ‘බතලහීන් මහත්තයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 57 හැවිරිදි අරඹේකෙම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසියට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.වැටලීමේදී සැකකරුගේ නිවසේ කාමරයක අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මෙම වියළි ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට එරෙහිව අයථා වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවතින අතර, ඔහුට අයත් දේපළ කිහිපයක් මීට පෙර තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු මහා පරිමාණ ගංජා ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01